සිරකරුවන් 12ක් යේමනයට යවයි



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය යේමන සිරකරුවන් 12 දෙනෙකු නිදහස් කිරීමට යේමනයට යවා ඇති බව වාර්තා වේ.

ඇමරිකා  එක්සත් ජනපදයට  සැප්තැම්බර් 11 දින එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් යේමන ජාතිකයන් 18 දෙනෙකු සහ එක් රුසියානු ජාතිකයෙකු ඇෆ්ගනිස්ථානයේ සහ පකිස්තානයේදී අත්අඩංගුවට ගෙන ගුවන්තනමෝ  බේ බන්ධනාගාරයේ රඳවා ප්‍රශ්න කිරීමට කටයුතු කර ඇත.

මෙම සිරකරුවන් 19 දෙනා 2015 සහ 2017 අතර කාලය තුළ ගුවන්තනමෝ බේ බන්ධනාගාරයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට මාරු කර ඇත.

පළමු හය දෙනා යේමනයට යවා ජූලි මාසයේදී නිදහස් කළ බව එමිරේට්ස් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේ ය.
යේමන සිරකරුවන් 12 දෙනා රැගත් එමිරේට්ස් හමුදා ගුවන් යානය යේමනයේ දකුණු පළාතේ හද්‍රමවුට් හි අල්-මුකල්ලා ප්‍රදේශයට ගොඩ බැස්ස වු  බව යේමන හමුදාව පැවසීය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)


RECOMMEND POSTS