සහෝදරිය වසර 9ක් සිර කරලා



කුවේට් ජාතිකයන් සිව් දෙනෙකු තම දික්කසාද වු සහෝදරිය වසර 9ක් නිවසේ සිර ගත කර ගෙන සිට ඇති බව වාර්තා වේ.
ගෘහ සේවිකාවක් මාර්ගයෙන්, නීතීඥවරියකට ඇගේ දුක්ඛිත ජීවිතය පිළිබඳව දැණුම්දීමෙන් පසු, නීතිමය පියවර ගැනීමට පොලීසිය කටයුතු කර ඇත.

සිර මැදිරියකට සමාන නිවසේ කාමරයකින් ඇයව මුදා ගැනීමෙන් පසු, සිද්ධියට අදාල සියළු තොරතුරු හෙළිදරව් කර ගැනීමට පොලීසියට හැකි වී ඇති බව ගල්ෆ් නිව්ස් වෙබ් අඩවිය වාර්තා කළේ ය.

දික්කසාදයෙන් පසු, තම පවුලෙන් වෙන් වී ස්වාධීනව ජීවත් වීමට ඇය අවසර ඉල්ලීමත් සමඟ මෙම සිරගත කිරීම සිදු කර ඇත.
එම තීරණයට පියා දැඩි ලෙස අකමැත්ත ප්‍රකාශ කර ඇති අතර, ඇගේ ඉල්ලීමෙන් පසු ඇයව කාමරයක සිර කර තැබීමට පියා කටයුතු කර ඇත.

පියාගේ මරණයෙන් පසුවත් ඇයව කාමරයේ සිර කර තැබීමට කටයුතු කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන්, කාන්තාවගේ සහෝදරයින් තිදෙනා සහ හිටපු සැමියා සිරගත කරන ලෙස කුවේට් අපරාධ අධිකරණය නියෝග කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)


RECOMMEND POSTS