ලෝක පැසිපන්දු තරඟාවලිය කටාර් රාජ්‍යයේ



2027 ලෝක කුසලාන පිරිමි පැසිපන්දු තරඟාවලිය කටාර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

2027 පැසිපන්දු ලෝක කුසලානය සඳහා කටාර් රාජ්‍යය සත්කාරකත්වය සපයනු ඇති බව කටාර් ක්‍රීඩා පාලක මණ්ඩලය නිවේදනය කළේ ය.

කණ්ඩායම් 32කින් සමන්විත තරගාවලියේ සියලුම තරඟ දෝහා අගනුවරදී පැවැත් වේ.

ශ්‍රේණිගත කිරීම්වල 89 වැනි ස්ථානයේ පසුවන කටාර් කණ්ඩායම සත්කාරකයන් ලෙස තරගාවලියට සුදුසුකම් ලබයි.

කටාර් රාජ්‍යය අවසන් වරට 2006 වසරේ දී පැසිපන්දු තරඟාවලියට සහභාගි වු අතර, ඔවුන් සහභාගී වූ සියළුම තරඟ පරාජයට පත් විය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN online - දෝහා නුවර)

RECOMMEND POSTS