මාස්ක් නැතිනම් දඩ කන්න වෙනවා



'කොවිඩ් 19' ව්‍යාප්තිය පාලනය කර ගැනීමට සෞඛ්‍ය අංශ ලබා දුන් සෞඛ්‍ය උපදෙස් පිළිනොපඳින සෞදි වැසියන්ට, දැඩි දඩ මුදලක් ගවීමට සිදුවනු ඇතැයි සෞදි ස්වදේශ කටයුතු අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

'මාස්ක්' පැලදීමට අපොහොසත් වන පුද්ගලයන්ට සෞදි රියාල් 1,000 ක දඩයක් නියම කරන බව ද අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සදහන් ය.

දිගින් දිගටම සෞඛ්‍ය නීති සහ මාර්ගෝපදේශ උල්ලංඝණය කළහොත් දඩ මුදල දෙගුණයක් වන අතර එය උපරිම රියාල් 100,000 දක්වා ඉහළ යනු ඇති බව ද අමත්‍යාංශය පැහැදිලි කර තිබේ.

(කලීජ් ටයිම්ස්)


RECOMMEND POSTS