ගුරුවරුන්ට රැකියාව අහිමි වෙයි
ඕමානයේ දැනට සේවය කරන විදේශීය ගුරුවරුන් වෙනුවට ඕමාන් ජාතිකයන් පත් කිරීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව, විදේශීය ගුරුවරුන් 2,733කගේ සේවය අවසන් කිරීමට ඕමාන් අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කර ඇත.
විදේශීය ගුරුවරුන් වෙනුවට පත් කළ ඕමාන් ජාතිකයන්ගේ නම් ලයිස්තුව 2021 ජුනි මාසයේදි ප්‍රකාශයට පත් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.
ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)