ඕමාන් බොක්කේ යුද අභ්‍යාසයක්



ඉරානය ඕමාන බොක්ක ආශ්‍රිත මුහුදේ යුද අභ්‍යාසයක් ආරම්භ කළ එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.

ඉරානය ඉරිදා මෙම යුද අභ්‍යාසය ආරම්භ කර තිබේ.

ලෝක බලවතුන් සහ ඉරානය අතර 2015 වසරේ අත්සන් තබන ලද ඉරාන න්‍යෂ්ටික ගිවිසුම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සති කිහිපයක් තිබියදී ඉරානය මෙම යුද අභ්‍යාසය ආරම්භ කර තිබේ.

“ඕමාන බොක්ක ආශ්‍රිත ඉරාන වෙරළ තීරයේ මෙම යුද අභ්‍යාසය ආරම්භ කළා. අපේ යුද ශක්තිය පෙන්නුම් කිරීමටත් සතුරන්ට අපේ සූදානම පෙන්වීමටත් මෙම යුද අභ්‍යාස ක්‍රියාත්මක කරනවා” මෙම යුද මෙහෙයුමට සම්බන්ධ ඉරාන හමුදාවේ ප්‍රකාශකයකු වන අද්මිරාල් මහ්මූද් මුසාවි උපුටා දක්වමින් ඉරාන රාජ්‍ය රූපවාහිනි සේවය වාර්තා කළේ ය.

මෙම යුද මෙහෙයුම සුල්ෆකාර්-1400 යනුවෙන් නම් කර තිබේ.

හෝමූස් සමුද්‍ර සන්ධියේ නැගෙනහිර කොටසේ සිට ඉන්දීය සාගරයේ උතුරු කොටස දෙසටත් රතු මුහුදේ කොටස්වලත් මෙම යුද අභ්‍යාසය සිදු කෙරෙන බව ද ඉරාන රාජ්‍ය රූපවාහිනි සේවය වාර්තා කළේ ය.

ගෝලීයව ප්‍රවාහනය කෙරෙන ඉන්ධනවලින් පහෙන් එකක් ප්‍රවාහනය කෙරෙන්නේ හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ය.

(රොයිටර්)


RECOMMEND POSTS