ඊශ්‍රායල පලස්තීන ගැටුම් දරුණු වෙයි



ඊශ්‍රායල ආරක්ෂක අංශ සහ හමාස් සංවිධානය අතර ගැටුම්වලින් අද (12) වනවිට මියගිය ගණන 40 ඉක්මවා ගොස් ඇත.

ඊශ්‍රායල එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් ගාසා තීරයේ 35 දෙනකුට වැඩි පිරිසක් මරණයට පත්ව ඇති අතර හමාස් සංවිධානය එල්ල කළ රොකට් ප්‍රහාරවලින් පස්දෙනකුට වැඩි ගණනක් මරණයට පත්ව ඇත.

ඊශ්‍රායලය බදාදා අලුයම උදා වෙද්දීත් ගාසා තීරය දෙසට ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කළ අතර හමාස් සංවිධානය සහ අනෙකුත් පලස්තීන සන්නද්ධ කණ්ඩායම් ඊශ්‍රයලයේ තෙල් අවීව් සහ බීර්ෂීබා නගර වෙත දිගින් දිගටම රොකට් ප්‍රහාර එල්ල කළේය.

දිගින් දිගටම ඊශ්‍රායල ගුවන් ප්‍රහාර එල්ල වීම හේතුවෙන් ගාසා තීරයේ මහල් කිහිපයකින් යුත් ගොඩනැගිල්ලක් කඩා වැටුණු අතර තවත් ගොඩනැගිලි රැසකට දැඩි හානි සිදු වී ඇතැයි වාර්තා වේ.

සිය ගුවන් ප්‍රහාරලින් හමාස් සංවිධානයේ බුද්ධි අංශ නායකයන් කිහිපදෙනකු මරුමුවට පත්වූයේ යැයි ද හමාස් සංවිධානය රොකට් ප්‍රහාර එල්ල කරන ස්ථානවලට, හමාස් සංවිධානයේ කාර්යාල සහ හමාස් නායකයන්ගේ නිවාසවලට ද ප්‍රහාර එල්ල කළේ යැයි ඊශ්‍රයලය සඳහන් කළේය.

ගාසා තීරයේ 2014 වසරේ ඇති වූ යුද්ධයෙන් පසු හමාස් සංවිධානය සහ ඊශ්‍රායල ආරක්ෂ අංශ අතර ඇති වී තිබෙන දරුණුම ගැටුම මෙය යැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ජෙරුසලමේදීය/ගාසා තීරයේදීය (රොයිටර්)


RECOMMEND POSTS