අහසේ මැවුණු සීනි පුරෝපු හැන්ද



ඊශ්‍රායල වන ජීවී ඡායාරූප ශිල්පී ඇල්බර්ට් කෙෂෙත්, සුපුරුදු පරිදි ජෝර්දාන නිම්නයට ගියේ උදෑසන කුරුල්ලන්ගේ ඡායාරූප ගැනීමටය.

කුරුලු රංචුවක් එක පොදියට අහසේ පියාසර කරමින් සිටිනු දුටු ඇල්බර්ට් කෙෂෙත්, එම කුරුලු රංචුවේ ඡායාරූප ගනිද්දී, කුරුලු රංචුවේ පියැසරි රටාව හරි අපූරු දසුනක් අහසේ මැවීය. c

තත්පර 5 කට සීමා වුණු එම දසුන වීඩියෝ කිරීමට ඇල්බර්ට් කෙෂෙත් සමත් විය. මෙම සටහන සමග පළ වන්නේ එම ඡායාරූපයයි.

කුරුලු රංචුව නිසා මැවී පෙනෙන්නේ හැන්දක් පිරෙන්න සීනි දමා ඇති ආකාරයයි.එම  සිද්ධියට අදාල වීඩියෝ දසුන් පෙළ සහ ඡායාරූප මේ වනවිට ලොව පුරා ප්‍රසිද්ධියට පත් වී ඇත.

‘‘සැබැවින්ම එය අපූරු දසුනක්. මෙවැනි දෙයක් මා මීට පෙර දැක නැහැ. තත්පර පහකට අහසේ මැවුනු ඒ රටාව ඇත්තටම හැන්දක් සීනිවලින් පුරවා ගත් බව මට බැලූ බැල්මට පෙනුනා. මේ ඡායාරූපය දකිද්දී, ඔබ සැමටත් මා දුටු දෙය දකින්න ලැබේවි’ යැයි ඡායාරූපය සහ එහි සම්පූර්ණ වීඩියෝ දසුන් පෙළ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කරමින් ඇල්බර්ට් කෙෂෙත් පැහැදිලි කර තිබේ.

(බීබීසී)


RECOMMEND POSTS