අයි.එස් ත්‍රස්තයාට බරපතල සිරදඩුවමක්



අයි.එස්.අයි.එස් ත්‍රස්ත සංවිධානය සමඟ සම්බන්ධ වූ කුවේට් පුරවැසියෙකුට බරපතල වැඩ සහිත වසර පහක සිර දඬුවමක් නියම කර තිබේ.

කුවේටයේ අවසරයකින් තොරව තහනම්ත්‍රස්ත සංවිධානයක් සමඟ සම්බන්ධ වී ඉරාකයට එරෙහිව ත්‍රස්ත ක්‍රියාවන්හි නිරත වීම සම්බන්ධයෙන් වරදකරු කරමින් කුවේට් අභියාචනාධිකරණය විසින් මෙම දඬුවම ලබාදී ඇත.

ඔහුගේ ත්‍රස්ත ක්‍රියාව හේතුවෙන් වෙනත් රටක් සමඟ කුවේටයේ සබඳතා අවදානමට ලක්ව ඇති බවපැමිණිලි පාර්ශවය තර්ක කළේ ය.

ජානක ප්‍රියදර්න ජයතිලක
(GDN Online කුවේට් නගරය)

RECOMMEND POSTS