ජනපති රොව්හානී විවේචනය කරලා



ඉරාන ජනාධිපතිවරණය ලබන 19 වැනිදා පැවැත්වීමට නියමිත අතර, ඊට සහභාගී වන වත්මන් ජනාධිපති හසන් රොව්හානි, දැඩි ලෙස විවේචනය කිරීමට ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කොමේනි කටයුතු කර ඇතැයි වාර්තා වේ.

ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් සමඟ ඉරානය යම්තාක් දුරකට යහපත් සබඳතා ආරම්භ කළේත්, යුද්ධයක් හට ගැනීම වැළැකී ගියේත් ජනපති රොව්හානි නිසා යැයි බොහෝ දෙනා තුළ මතයක් පවතින බවත්, එම මතය වැරදි බවත් උත්තරීතර නායක අලි කොමේනී පවසා ඇත.

ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් 6 දෙනෙක් සුදුසුකම් ලැබ සිටින අතර ඔවුහු මේ වනවිට මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නියැලී සිටිති. අපේක්ෂකයන් දහස් ගණනක් අතුරින් අවසන් වරට තේරුණු මෙම අපේක්ෂකයන් 6 දෙනාට උත්තරීතර නායක කොමේනීගේ අනුමැතිය හිමිවී ඇත.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS