ලංකාවේ කෑම ජපානයේ



ජපන් ජාතිකයන්ට ශ්‍රී ලාංකික ආහාර පිසීම පුරුදු කරන වැඩ සටහනක් ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ආරම්භ කර තිබේ.

එම වැඩසටහන යටතේ ජපන් ජාතිකයන් අතර ශ්‍රී ලාංකික ආහාර පිළියෙල කිරීමේ තරඟාවලියක් සංවිධානය කරන ලද අතර එහි අවසන් පූර්ව වටය ටෝකියෝහි වෘත්තීය ඉවුම් පිහුම් මැදිරියකදී පැවැත්විණි.

ජපානයේ ශ්‍රී ලංකා තානාපති සංජීව් ගුණසේකර මහතාගේ මුලිකත්වයෙන් මෙම වැඩ සටහන ක්‍රියාත්මක කෙරෙයි.

තරඟයේ මුල් වටය සදහා ජපන් ජාතික තරඟකරුවන් තමන්ගේ ප්‍රියතම ශ්‍රී ලාංකික ආහාරය පිළියෙළ කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් ඉදිරිපත් කළ යුතු වූ අතර එලෙස ලැබුණු වීඩියෝ 140 කට අධික සංඛ්‍යාවකින් තරඟකරුවන් 45 දෙනකු අවසන් පූර්ව වටය සදහා තෝරා ගත් බව ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පළමු ලේකම් (වානිජ)කපිල ජේ.කුමාර මහතා පැවසීය.

සම්මානලාභී සූපවේදින් දෙදෙනෙකුගේ විනිශ්චය මත මෙි පිරිස තෝරා ගෙන තිබෙි.

එසේ තෝරා ගන්නා ලද තරඟකරුවන් නව දෙනකු බැගින් සහභාගී කරවමින් තරඟ වට 05 කින් සමන්විත වූ අවසන් පූර්ව තරඟ වටයේදී එක් තරගකරුවකුට ආහාර පිළියෙළ කිරීම සදහා පැයක කාලයක් දුන් බවත් ඔවුන් සැකසූ ආහාර, ව්‍යාංජන ,කෙටි කෑම හා අතුරුපස වලින් සමන්විත උසස් තත්ත්වයේ ඒවා වූ බවත් කපිල .ජේ කුමාර මහතා කීය.

ඉදිරියේදී සජීවීව විකාශය කිරීමට බලාපොරොත්තු වන අවසන් මහා තරඟය සඳහා විනිසුරුවන් විසින් සෑම වටයකින්ම තරඟකරුවන් දෙදෙනෙකු බැගින් තෝරා ගන්නා ලද බවත් මෙි අවසන් තරඟය ජනප‍්‍රිය ජපන් රූපාවාහිනි ආයතනයක් හරහා විකාශය කිරීමට බලාපොරොත්තු වන මෙහි අවසන් මහා තරගය ජාත්‍යන්තරව පිළිගත් සූපවේදියකුගේ අධීක්ෂණය යටතේ සිදූවන බව ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කරයි.


RECOMMEND POSTS