බ්‍රසීල ජනපති යළි දඩ කයි



සෞඛ්‍ය නීති උල්ලංඝනය කරමින්, මුහුණු ආවරණයක් නොමැතිව, යතුරු පැදි පෙළපාලියකට සහභාගී වූ බ්‍රසීල ජනාධිපති ජාර් බොල්සරානෝට දඩ නියම කළ බව සාඕ පාවුලෝ ප්‍රාන්ත රජය පියවර ගෙන ඇත.

'කොවිඩ් 19' වයිරස වසංගතය හේතුවෙන් මුහුණු ආවරණ අනිවාර්ය කර තිබියදී, මුහුණු ආවරණ නොමැතිව ප්‍රසිද්ධියේ ජන රැලියකට සහභාගී වූ නිසා, බ්‍රසීල ජනාධිපති බොල්සරානෝට දඩ නියම වුණු දෙවැනි අවස්ථාව මෙයයි.

'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන්, ලොව දෙවැනියට වැඩිම මරණ වාර්තා වන්නේ බ්‍රසීලයෙනි. මේ වනවිට, බ්‍රසීලයේ සමස්ත මරණ ලක්ෂ 5 පසු කර ඇතැයි පැවැසෙයි. කෙසේ නමුත් බ්‍රසීල සෞඛ්‍ය අමත්‍යාංශයේ නිල වාර්තා අනුව, මරණ වාර්තා වී ඇ්තතේ 486,000 ක් ලෙසය.

කොරෝනා වයිරසය අවතක්සේරු කළ නිසා එය පාලනය කිරීමට නොහැකි වුණැයි යන චෝදනාව ජනපති බොල්සරානෝට එල්ල වී ඇත. ඒ සම්බන්ධයෙන් නඩු විභාගයක් පවා පැවැත්වෙයි. ජනාධිපතිවරයා සිය ආධාරකරුවන් පිරිවරා ගනිමින්, යතුරු පැදි පෙළපාළියකට එක් වූයේ එවැනි පසුබිමකදීය.

සාඕ පවුලෝ හි පොදු ස්ථානවල මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය වන අතර ජනාධිපතිවරටයා එය කිසිසේත් තැකීමක් නොකළ බව බලධාරීහු පවසති. ඒ අනුව ජනාධිපතිවරයාට අමෙරිකානු ඩොලර් 110 ක දඩ මුදලක් නියම කළ බව ප්‍රාන්ත රජය පවසා තිබේ.

සාඕ පාවුලෝ (රොයිටර්)


RECOMMEND POSTS