බයිඩන්-ජොන්සන් හමුවක්



එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට සහභාගී වීමට ඇමෙරිකාවට පැමිණි බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් සහ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් අතරේ හමුවක් ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේ පැවැත්විණි.

යුරෝපා සංගමයෙන් ඉවත් වූ බ්‍රිතාන්‍යය සමඟ නව වෙළෙඳ ගිවිසුමක් ඇති කර ගැනීම සම්බන්ධයෙන් බයිඩන් සහ ජොන්සන් අතරේ සාකච්ඡා පැවැත්විණි.

රාජ්‍ය නායකයන් දෙදෙනා අතර සාකච්ඡා මිනිත්තු 90 ක් තිස්සේ පැවැත්වුණු බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. සාකච්ඡාවලින් පසු ප්‍රශ්න ඇසීමට මාධ්‍යවේදීන්ට අවස්ථාවක් හිමි වුවත්, ඇෆ්ගනිස්තානය සම්බන්ධයෙන් අනවශ්‍ය ලෙස දිගින්දිගටම ප්‍රශ්න කිරීමට මාධ්‍යවේදීන් කටයුතු කළ බැවින් මාධ්‍ය හමුව කඩිනමින් අවසන් විය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS