හිටපු ජනපති ට්‍රම්ප්ට චෝදනා ගොනු කෙරේ



අපරාධ චෝදනා සම්බන්ධයෙන් ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට නඩු පැවැරීමට නිව්යෝක් අධිකරණයක් පියවර ගෙන ඇත.

කෝටිපති ව්‍යාපාරික ඩොනල්ඩ් ට්‍රම්ප් 2016 ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙද්දී, ඔහුගේ කීර්ති නාමයට කැළැලක් වන ආකාරයට ක්‍රියා කළ නිල් චිත්‍රපට නිළි ස්ටෝමි ඩැනියෙල්ස් මුදල් දී නිහඬ කළේ යැයි ට්‍රම්ප්ට චෝදනා එල්ල වී තිබේ. නඩු පැවැරීම සිදුවනු ඇත්තේ මෙම සිද්ධිය මුල්කොට ගනිමිනි.

ට්‍රම්ප් 2016 දී ස්ටෝමි ඩැනියෙල්ස් නිහඬ කර ඇත්තේ ඇමෙරිකන් ඩොලර් 130,000 ක මුදලක් ඇයට ලබා දෙමින් යැයි අනාවරණය වී ඇත. ඒ අනුව, අපරාධ චෝදනා එල්ල වුණු පළමු හිටපු ඇමෙරිකන් ජනාධිපතිවරයා වනු ඇත්තේ ද ඩෙනල්ඩ් ට්‍රම්ප්ය.

(රොයිටර්)


RECOMMEND POSTS