සිංගප්පූරු ගුවන්තොටුපොළේ තදබදයක්



පද්ධතියේ ඇතිවූ දෝෂයක් හේතුවෙන් සිංගප්පූරු ගුවන් තොටුපලවල මගී නිෂ්කාශන කටයුතුවලට බාධා එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

හටගත් මෙම දෝෂය හේතුවෙන් සිංගප්පූරුවේ චැංගි ප්‍රධාන ගුවන් තොටුපොළෙහි දැඩි තදබදයක් හටගෙන ඇති බව ද විදෙස් මාධ්‍ය පවසයි.

සිංගප්පූරු ආගමන විගමන බලධාරීන් නිවේදනය කර ඇත්තේ මගී නිෂ්කාෂණ පද්ධතියේ ඇතිවූ දෝෂය යථා තත්වයට පත් කිරීමට පියවර ගනිමින් සිටින බවය.

පසුගිය දා නෙදර්ලන්තයේ පැවති ස්කයිට්‍රැක්ස් සම්මාන උළෙලේදී හොඳම ගුවන්තොටුපොළට හිමි සම්මානය දිනා ගත්තේ ද චැංගි ගුවන්තොටුපොළය.

ලොව හොඳම ගුවන්තොටුපළ පමණක් නොව, හොඳ ම භෝජන පහසුකම් සහිත ගුවන්තොටුපළ මෙන්ම, ලොව හොඳම විවේක පහසුකම් සහිත චැංගි ගුවන්තොටුපළ ලෙස ද සම්මානයට පාත්‍ර විය.

(රොයිටර්)


RECOMMEND POSTS