ඉතාලියේ ජල ගැලීම්: 13 ක් මරුට



ඉතාලියේ එමීලියා රොමාග්න පළාතේ නගර රැසක් ජලයෙන් පටවී ඇති බවත්, මහ වැසි සමඟ හටගත් එම ජල ගැලීම් හේතුවෙන් 13 දෙනකු මියගොස් ඇති බවත් වාර්තා වේ.

නගර ජලයෙන් යටවීමත් සමඟ උන්හිටිතැන් අහිමි වුණු දහස් ගණනක් ආරක්ෂිත ස්ථානවලට යොමු කිරීමට බලධාරීහු පියවර ගත්හ. නගර ජලයෙන් යටවී ගියේ එමීලියා රොමාග්න පළාතේ ගංගා සියල්ල පටාර ගැලීමෙනි.

එමීලියා රොමාග්න පළාතේ නායයෑම් 300 ක් ද සිදුවී නිවාස රැසකට හානි විය. මාර්ග 400 කට වැඩි ගණනක් හානියට පත් වුණු බව ද පැවැසෙයි. විපතට පත්වූවන්ට කඩිනමින් ආධාර ලබා දීමට බලධාරීන් කටයුතු කර ඇතැයි ඉතාලි මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

(රොයිටර්)


RECOMMEND POSTS