‘පැරසයිට්’ ගැන ට්‍රම්ප්ගේ අප්‍රසාදය



මෙවර ඔස්කාර් සිනමා සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටයට ඇතුළු සම්මාන රැසක් දිනූ දකුණු කොරියානු ‘පැරසයිට්’ චිත්‍රපටයට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ අප්‍රසාදයට ලක් වී ඇත.

දකුණු කොරියානු චිත්‍රපටයක් හොලිවුඩයේ මෞලිමංගල්‍යය ලෙස සැලකෙන ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය පමණක් නොව හොඳම විදෙස් චිත්‍රපටය ද වුණු පළමු අවස්ථාව මෙයයි. ‘පැරසයිට්’ චිත්‍රපටය ට්‍රම්ප්ගේ අප්‍රසාදයට ලක් වූයේ ඒ නිසාය.

දකුණු කොරියාවත් ඇමෙරිකාවත් අතර වෙළෙඳ ගැටලු පවතින අවස්ථාවක ඇමෙරිකන් ඔස්කාර් සම්මාන උළෙලේ විනිසුරු මඬුල්ල ‘පැරසයිට්’ චිත්‍රපටය හොඳම චිත්‍රපටය කිරීම පිළිබඳ ට්‍රම්ප් දොස් පවරා ඇත.

(රොයිටර්)


RECOMMEND POSTS