සුළි කුණාටුවේ වැරදි සිතියමක් පෙන්වලා



ඩොරියන් සුළි කුණාටුව ඇමෙරිකාව දෙසට හමා එද්දී, ඒ ගැන අනතුරු අඟවමින් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, සුළි කුණාටුවේ ගමන් මඟ පෙන්වන සිතියමක් මාධ්‍ය හමුවේ පෙන්වූ බවත් එම සිතියම වැරදි බවත් ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කර තිබේ.

ජනපති ට්‍රම්ප් මාධ්‍ය හමුවේදීන්ට පෙන්වූයේ ‘ජාතික සාගර සහ කාලගුණ පරිපාලන ඒජන්සිය’ පසුගිය අගෝස්තු 29 වැනිදා නිකුත් කළ සිතියමක් යැයි පසුව අනාවරණය විය.

එම සිතියමට අනුව, ඩොරියන් සුළි කුණාටුව ඇමෙරිකාවේ ඇලබාමා ජනපදය දෙසට හමා එයි. සිතියම පෙන්වමින් ට්‍රම්ප් ඇලබාමා වැසියන්ට ද අනතුරු ඇඟවූයේ සුළි කුණාටුව හමා එන බැවින් ආරක්ෂිත ස්ථාන බලා යන ලෙසය.

කෙසේ නමුත් ජාතික සාගර සහ කාලගුණ පරිපාලන ඒජන්සිය නිකුත් කළ යවත්තාලීන කාලගුණ සිතියම්වලට අනුව ඩොරියන් සුළි කුණාටුවෙන් ඇලබාමා ජනපදයට අනතුරක් සිදු නොවෙයි.

වැරදි සිතියමක් පෙන්නුවේ ඇයිදැයි මාධ්‍යවේදීන් පසුව ජනාධිපති ට්‍රම්ප්ගෙන් පවසා ඇති අතර, ට්‍රම්ප් පිළිතුරු දී ඇත්තේ තමන් පෙන්නුවේ කාලගුණ බලධාරීන් තමන් වෙත ඉදිරිපත් කළ සිතියම බවය.

ඇමෙරිකා ජාතික සුළි කුණාටු පිළිබඳ අනතුරු ඇඟවීමේ ඒකකය කළ නවතම අනතුරු ඇඟවීම්වල සඳහන් වන්නේ, ජෝර්ජියා වෙරළ තීරයට, දකුණු කැරොලිනාවට සහ උතුරු කැරොලිනාවට ‘ඩොරියන් සුළි කුණාටුවෙන් බාධා එල්ල විය හැකි බවය.

ඩොරියන් සුළි කුණාටුව ඇමෙරිකාව දෙසට පැමිණියේ අත්ලාන්තික් සාගරයේ පිහිටි බහාමාස් දූපත වනසා දැමීමෙන් පසුය.

වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS