සිරවුණු පිරිස බේරාගන්න මෙහෙයුමක්



සතියකට ආසන්න කාලයක් තිස්සේ උතුරුදිග තායිලන්තයේ භූගත ලෙනක සිරවුණු දරුවන් 12 දෙනා සහ ඔවුන්ගේ පුහුණුකරු බේරාගැනීමේ මෙහෙයුම් දිගටම සිදුවන බවත්, ඇමෙරිකා සහ බ්‍රිතාන්‍ය සහන සේවකයන් ද දිවි ගලවා ගැනීමේ එම අසීරු මෙහෙයුමට සම්බන්ධ වී සිටින බවත් වාර්තා වේ.

ලෙන තුළ සිරවී සිටින්නේ අවුරුසු 11 ත් 16 ත් අතර වයස්වල පිරිමි දරුවන් 12 දෙනකු සහ 25 හැවිරිදි ඔවුන්ගේ පුහුණුකරුය. ඔවුන් ගවේෂණ චාරිකාවක යෙදී සිටිද්දී, ලෙන තුළ සිරවූයේ පසුගිය සෙනසුරාදා (23) ය.

සිරවූවන් යහතින් සිටිනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් කිසිදු හෝඩුවාවක් ලැබී නැත. කෙසේ නමුත් ඔවුන් යහතින් සිටිනවා යැයි අනුමාන කරමින් දිවි ගලවා ගැනීමේ මෙහෙයුම සිදු කෙරේ.

ගුහාවට පිවිසෙන මාර්ගය වැසී ගොස් අවහිර වී ඇති හෙයින්, දිවි ගලවා ගැනීමේ කණ්ඩායම වෙනස් මාර්ගයක් සකස් කිරීමට ලෙනට සම්බන්ධ ගල් පර්වතය කැණීම් කරන බව ද පැවැසෙයි.

(රොයිටර්)

 


RECOMMEND POSTS