ස්පුට්නික් එන්නත ඉන්දියාවේ හදිසි භාවිතයට



රුසියාවේ නිෂ්පාදිත ‘ස්පුට්නික් 5’ එන්නත ඉන්දියාවේ හදිසි භාවිතයට අවසර හිමිවී ඇත. එන්නත සඳහා අවසර ලබා දුන්නේ ඉන්දීය ඖෂධ පාලන අධිකාරියයි.

‘ස්පුට්නික් 5’ එන්නතට අනුමැතියදීම සිදුවූයේ ඉන්දීය ඖෂධ පාලන අධිකාරියේ විශේෂඥයන් කමිටුවක් එන්නත සම්බන්ධයෙන් කළ පුළුල් අධ්‍යයනයකින් ද පසුවය.

ඒ අනුව ඉන්දියානුවන්ට ‘කොවිඩ් 19’ වයිරසයට එරෙහිව ලැබෙන තෙවැනි ප්‍රතිශක්තිකරණ එන්නත වන්නේ මෙයයි.

ඉන්දියානුවන්ට පූනේ නුවර සේරම් ආයතනයේ නිපදවන ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා කොවිෂීල්ඩ්’ එන්නත සහ ඉන්දියාවේ ‘භාරත් බයෝටෙක්’ ඖෂධ නිෂ්පාදන සමාගමේ එන්නත ලබා දෙයි. එසේ එන්නත් ලබා දෙද්දී පවා එරටින් ආසාදිතවන් ලක්ෂ දෙකකට වඩා වැඩි පිරිසක් වාර්තා වේ.

නවදිල්ලියේදීය (රොයිටර්)


RECOMMEND POSTS