සබන් කම්හලේ සවාරියක



උතුරු කොරියා නායක කිම් ජොන් උන් සහ බිරිඳ රී සොල් ජූ එරට සබන් සහ සුවඳවිලවුන් නිෂ්පාදන කම්හලක නිරීක්ෂණ චාරිකාවක අයුරු දැක්වෙන ඡායාරූප පෙළෙක් මේ වනවිට විදෙස් පුවත් සේවා හරහා ප්‍රසිද්ධියට පත් වී ඇත.

උතුරු කොරියා නායකයා නිරීක්ෂණය සඳහා ගියේ උතුරු කොරියා චීන දේශසීමාව අසල පිහිටි සිනුයිජි නමැති කම්හලටය. මෙය රෝස පැහැති සබන් නිෂ්පාදනය ප්‍රකට කම්හලකි.

තම න්‍යෂ්ටික කටයුතු සීමා කිරීමටත්, න්‍යෂ්ටික අවිහරණය සිදු කිරීමටත් උතුරු කොරියා නායක කිම් ජොන් උන් ලෝකයට පොරොන්දුවක් දී ඇත.

එය එසේ සිදුවුවහොත්, තමන් උතුරු කොරියාවට පනවා ඇති සම්බාධක ඉවත් කරන බව ඇමෙරිකාව පවසා ඇත. සම්බාධක ඉවත් කළොත් උතුරු කොරියාවට ඔවුන්ගේ නිෂ්පාදන ජාත්‍යන්තරයට ගෙන යෑමට හැකි වේවි යැයි පැවැසෙයි.

(ඬේලිමේල් ඇසුරිනි)


RECOMMEND POSTS