විලියම්-කේට් යුවල ආචී බලන්න ගිහිල්ලා



කේම්බි‍්‍රජ් ආදිපාදවරයා සහ ආදිපාදවරිය ලෙස නිල නාමයෙන් හැඳින්වෙන, විලියම් කුමරු සහ ඔහුගේ බිරිඳ කේට් මිඞ්ල්ටන් රජ පවුලට එක්වුණු නව සාමාජිකයා ආචී හමුවීමට ගියහ.

විලියම් කුමරුන්ගේ බාල සොහොයුරු හැරී කුමරු සහ මේගන් මාකෙල්ගේ පුතු ආචී, උපත ලැබුවේ පසුගිය 6 වැනිදාය. ආචී මාධ්‍ය හරහා ලොවට හඳුන්වා දීමත් එලිසබත් මහ රැුජිනට මුණ ගැස්වීම සිදුවූයේ පසුගිය 8 වැනිදාය.  තම පුතු ආචී හැරිසන් මවුන්ට්බැටන් වින්ඞ්සෝර් යනුවෙන් නම් කළ බව ද එම අවස්ථාවේදී හැරී මේගන් යුවල පැවැසූහ.

හැරී සහ මේගන් පදිංචිව සිටින්නේ ෆ්රොග්මෝ කොටේජ් නමනි හැඳින්වෙන කුඩා මන්දිරයේය. ෆ්රොග්මෝ කොටේජ් වෙත පැමිණි විලියම් කුමරු සහ බිරිඳ කේට් මිඞ්ල්ටන් මහත් ආදරයෙන් පිළිගැනීමට හැරී සහ මේගන් කටයුතු කළ බව බි‍්‍රතාන්‍ය පුවත් සේවා වාර්තා කර තිබේ. ඒ, පසුගිය කාලයේ කේට් සහ මේගන් අතර මත ගැටුම් හේතුවෙන් නොහොඳ නෝක්කඩු පැවැති බවට රාවයක් පැතිර යෑම නිසාය.

විලියම් සහ කේට් යුවලට පෙර, ආචී හමුවීමට ෆ්රොග්මෝ කොටේජ් වෙත පැමිණි පළමු තැනැත්තිය වූයේ හැරී සහ විලියම් කුමරුන්ගේ මව ඩයනා කුමරියගේ සොහොයුරිය ජේන් ෆෙලෝස් ආර්යාව බව බි‍්‍රතාන්‍ය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

ලන්ඩනයේදීය (ඬේලිමේල්)


RECOMMEND POSTS