වයිරස බැංකුවට යන්න ඕනෑම කෙනකුට අවසර



චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවර පිහිටි, චීන රජයට අයත්, ‘වයිරස බැංකුව’ යන නමින් ද හැඳින්වෙන රසායනාගාරයට ගොස් එහි සංචාරය කිරීමට ඕනෑම අයකුට, ඒ සඳහා පූර්ණ අවසරය හිමිවන බව චීන රජය පවසා ඇත.

‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයේ සුලමුල මෙතෙක් අනාවරණය වී නොමැති අතර, වූහාන් වැසියන් අතරේ වයිරසය පැතිර ගියේ මෙම වයිරස බැංකුවෙන් එය කාන්දු වූ නිසා යැයි ඇමෙරිකාව, ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් රැසක් චෝදනා කර තිබේ.

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ, හිතාමතා නොව, අත්වැරදීමකින් ‘කොවිඩ් 19’ ලෙස අප හඳුන්වන මෙම කොරෝනා වයිරසය මෙම රසායනාගාරයෙන් කාන්දු වෙන්න ඇති බවය.

මෙම රසායනාගාරයේ කොරෝනා වයිරස පවුලේ වයිරස ජාන වෙනස් කරමින්, පර්යේෂණවලට යොදා ගෙන තිබෙන බව මේ වනවිටත් තහවුරු වී තිබේ. රසායනාගාරයේ සංචාරය කිරීමට ඕනෑම කෙනකුට ඉඩ ලබා දීමට චීන රජය තීරණය කර ඇත්තේ, එසේ කරන්නැයි එම රසායනාගාරයේ ප්‍රධාන විද්‍යාඥ ෂී ෂෙන් ලී කළ ඉල්ලීමකට අනුව බව ද පැවැසෙයි.

බීජීංහිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS