ලොව විශාලතම මගී නෞකාව දියතට



සිම්පනි  ඔෆ් ද සීස් නමැති ලොව විශාලතම මගී නෞකාව ස්පාඤ්ඤයේ බාසිලෝනා නුවර සිට සිය පළමු මුහුදු ගමන ආරම්භ කර ඇත. නෝර්වේජියානු හා ඇමරිකානු ඒකාබද්ධ නැව් සමාගමක් වන රෝයල් කැරිබියන් ඉන්ටර්නැෂනල් ආයතනය මෙම නෞකාවේ  හිමිකරු වෙයි.

ටොන් දෙලක්ෂ විසි අටදහස් අසූ එකක් (228,081) ක් බරැති  මෙම නෞකාවේ පුද්ගලයින් 6680 දෙනෙකු රැගෙන යා හැකි බව සඳහන් වෙයි. සිය පළමු මුහුදු ගමනේදී නෞකාව ප්‍රංශය ඉතාලිය යන රටවල සංචාරය කිරීමට නියමිතයි.

මේ අතර නෞකාවට බාසිලෝනා වැසියන් දැඩි ලෙස විරෝධය පළ කරයි.

මේ හරහා සංචාරකයින් විශාල ප්‍රමාණයක් රට තුළට පැමිණීමත් සමඟ වායු දුෂණය ඉහළ යා හැකි බව විරෝධතාකරුවන් පෙන්වා දෙයි.

එය බාසිලෝනා වැසියන්ට හානිකර ප්‍රතිඵල අත්කර දෙනු ඇති බව ඔවුන්ගේ අදහසයි.

( තිළිණි ද සිල්වා)


RECOMMEND POSTS