ලොව වටා අවුරුදු සැමරුම්



2019 නව වසර පිළිගනිමින් ආසියාවේ සිට යුරෝපය සහ මැදපෙරදිග දක්වාත් ඇමෙරිකා මහද්වීපය දක්වාත් සෑම ප‍්‍රධාන නගරයකම පාහේ සැමරුම් උත්සව පැවැත්විණි.

සුපුරුදු පරිසි නව වසර පළමුවෙන් උදා වූයේ පැසිෆික් සාගරයේ කිරිබතී, සැවෝමා, නවසීලන්තය යන දූපත් රාජ්‍යවලටය. ඉන්පසු පිළිවෙළින් ඔස්ටේ‍්‍රලියාව, ජපානය, රුසියාව, මැලේසියාව රටවලටත්, බි‍්‍රතාන්‍යය, ප‍්‍රංශය, ජර්මනිය ආදී යුරෝපා රටවලටත් අවසානයේ ඇමෙරිකාවටත් නව වසර උදාවිය.

2019 වසර ඇරැුඹෙද්දී ලොව සුප‍්‍රකට ස්මාරක සහ ගොඩනැගිලි ආශි‍්‍රතව සුපුරුදු පරිදි අලංකාර මල්වෙඩි සැණකෙළි පැවැත්විණි.  ඕස්ටේ‍්‍රලියාවේ සිඞ්නි නුවර ඔපෙරා රඟහල ආශි‍්‍රතව සුපුරුසු පරිදි පැවැත්වෙන අලංකාර මල්වෙඩි සංදර්ශනය නැරැුඹීමට මෙවර මිලියන 1.5 කට වැඩි පිරිසක් එක්රොක් වී සිටියහ.

හොංකොං වික්ටෝරියා වරායේ පැවැති මල්වෙඩි සංදර්ශනය වෙනුවෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 1.8 ක් වියදම් කොට තිබුණි. ඉකුත් 23 වැනිදා ක‍්‍රැකටෝවා ගිනි කන්ද පුපුරා යෑමත් සමඟ හටගත් සුනාමියෙන් බැට කෑ ඉන්දුනීසියාවේ ජකර්තා නුවර නව යුවළ 400 කට වැඩි පිරිසකගේ සමූහ මංගල උත්සවයක් පැවැත්විණි. සුනාමි ව්‍යසනය හේතුවෙන් මෙවර මල්වෙඩි සංදර්ශන පැවැත්වූයේ නැත.

සාමයට කැපවී, ලෝකයට විවෘත වී සිටින උතුරු කොරියානුවන් ද නව වසර සමරමින් යොංග්යැංග් අගනුවර කිම් ඉල් සුන් චතුරස‍්‍රයට රැුස්වී මල් වෙඩි සංදර්ශන පැවැත් වූ බව ද විදෙස් පුවත් සේවා වාර්තා කළේය. තායිලන්තය සහ ජපානය ආගමික කටයුතුවලට මුල් තැන දෙමින් නව වසර පිළිගත්තේය.

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් නව වසර පිළිගනිමින් රුසියානුවන් අමතමින් පොරොන්දුවක් දුන්නේ, සෑම රුසියානුවකුගේම ජීවන තත්ත්වය උසස් කිරීමට පියවර ගන්නා බවය. සුපුරුදු පරිදි ලොව උසම ගොඩනැගිල්ල වන බර්ජ් කලීෆා කේන්ද්‍රකොට ගනිමින් ද අලංකාර මල්වෙඩි සංදර්ශනයක් පැවැත්විණි. පසුගිය කාලය පුරාවට නඩත්තු කටයුතු හේතුවෙන් අකි‍්‍රය කර තිබුණු ලන්ඩනයේ බිග්බෙන් ඔරලෝසුව නව වසර උදාවෙද්දී නාද විය.

අවසන්වරට නව වසර උදාවූයේ ඇමෙරිකාවේ නිව්යෝක් නුවරටය. සුපුරුදු පරිදි නිව්යෝක් නුවර වැසියෝ, ටයිම්ස් චතුරස‍්‍රයට එක්රොක් වී නව වසර සැමැරූහ. ඒ සංගීත සංදර්ශන සහ මල්වෙඩි සංදර්ශන මැද දැඩි ආරක්ෂාවක් ද යටතේය.

හර්ෂණ තුෂාර සිල්වා


RECOMMEND POSTS