රුසියාවේ ආසාදිතයන් 7,212 ක්



රුසියාවෙන් අවසන් පැය 24ක කාලයේදී නව කොරෝනා වයිරස ආසාදිතයන් 7,212 දෙනකු හඳුනාගෙන ඇතැයි එරට සෞඛ්‍ය බලධාරීහු ප්‍රකාශ කළහ.

එම ගණන ඉකුත් ජූනි මස 23 වැනිදායින් පසු රුසියාවෙන් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන යැයි ද ඔවුහු කීහ.

රුසියාවෙන් මේ වනවිට වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන 1,136,048කි. අවසන් පැය 24 ක කාලයේදී මොස්කව් නුවරින් වාර්තා වූ නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන සියයට 50කින් වැඩි වී තිබේ. අවසන් පැය 24 කාලයේදී මොස්කව් නුවරින් වයිරස ආසාදිතයන් 1,560 දෙනකු හඳුනාගෙන ඇත. ඊට පෙර දිනයේදී එම නුවරින් වාර්තා වී ඇති ආසාදිතයන්ගේ ගණන 1,050කි.

අවසන් පැය 24ක කාලයේදී වයිරස ආසාදිත මරණ 108ක් වාර්තා වූ බව ද බලධාරීහු කීහ. ඒ අනුව රුසියාවෙන් වාර්තා වන වයිරස ආසාදිත සමස්ත මරණ ගණන 20,056 ක් දක්වා ඉහළ ගියේය.

(රොයිටර්ස්)


RECOMMEND POSTS