මොඩර්නා එන්නත අවසන් අදියරේ



ඇමෙරිකාවේ ‘මොඩර්නා’ ඖෂධ නිෂ්පාදන සමාගම නිර්මාණය කරන ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයට එරෙහි එන්නත අවසන් අදියරේ පසුවන බවත්, එය සාර්ථක වනු ඇති බවත් ඇමෙරිකන් රජය පවසයි.

එන්නත නිපදවීමේ දී, ‘මොඩර්නා’ ඖෂධ නිෂ්පාදන සමාගමට ඇමෙරිකන් මධ්‍යම රජයේ මූල්‍ය අනුග්‍රහය හිමිවෙයි. අවසන් අදියර යටතේ තෝරා ගත් ඇමෙරිකානුවන් 30,000 කට එන්නත ලබා දීමට නියමිතය. ඒ, වයිරසය ආසාදනය වීම වළක්වමිනි.
‘මොඩර්නා’ ඖෂධ නිෂ්පාදන සමාගම පිහිටා ඇත්තේ මැසචුසෙට් ප්‍රාන්තයේය. එන්නත නිෂ්පාදනය වෙනුවෙන් ඇමෙරිකන් රජය ‘මොඩර්නා’ සමාගමට ඩොලර් බිලියනයක් ලබා දී ඇත.

‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය අඩපණ කළ හැකි යැයි විශ්වාසය තැබිය හැකි එන්නත් 96 ක් ඇති බවත්, ලොව පුරා රටවල් රැසක ඖෂධ නිෂ්පාදන සමාගම් රැසක් එම එන්නත් නිෂ්පාදනයට යොමු වී සිටින බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා ඇත.

නිව්යෝක්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS