මියන්මාරයේ සූකර උණ



මියන්මාරයේ යැංගොන් නුවර එච්1එන්1 හෙවත් සූකර උණ පැතිරීමට පටන් ගෙන ඇති බව හරට සෞඛ්‍ය බලධාරීහු අනතුරු අඟවා ඇත.

මේ වනවිට සූකර උණ රෝගීන් 13 දෙනකු රෝහල් ගතව සිටින බවත් ඔවුන් නිරෝධායනය කර අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමට පියවර ගෙන ඇති බවත් වාර්තා වේ.

රෝගය උත්සන්න වුණු සය හැවිරිදි කුඩා දරුවකු මියගිය බව ද පැවැසෙයි. ඒ, ස්වසන ආබාධ හේතුවෙනි.
යැංගොන් යනු මියන්මාරයේ විශාලතම නගරයයි. සූකර උණ රෝගියකු මුලින්ම හමුවූයේ මියන්මාර චීන දේශසීමාවෙන් යැයි මියන්මාර සෞඛ්‍ය බලධාරීහු වැඩි දුරටත් පවසා ඇත.

(රොයිටර්)

 


RECOMMEND POSTS