මිත්‍රශීලී සබඳතා අවශ්‍යයි



ඉන්දියාවත් පාකිස්තානයත් අතර මිත්‍රශීලී සබඳතා අවශ්‍ය යැයි පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ට ලිපියක් යවමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසා තිබේ.

ඉන්දියාවත් පාකිස්තානයත් අතර හොඳ හිත වර්ධනය වීමට නම්, දෙරට අතර විශ්වාසයක් ඇති විය යුතු බවත්, අසල්වැසියන් අතරේ අර්බුද නිර්මාණය වන්නේ එසේ විශ්වාසය පළුඳුවීමෙන් බවත් එම ලිපියෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි, පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ට පැහැදිලි කර තිබේ.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා, පාකිස්තාන අග්‍රාමාත්‍යවරයාට මෙසේ ලිපියක් යවා ඇත්තේ ‘පාකිස්තාන දිනය’ නිමිත්තෙන් යැයි ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

මේ වනවිට ඉන්දියාවත් පාකිස්තානයත් අතර සබඳතා යහපත් අතට හැරෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

 

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS