මාධ්‍යවේදීන්ට පූර්ණ නිදහස



පාකිස්තාන රජය විසින් එරට මාධ්‍ය ආයතන සම්බන්ධයෙන් පැනැවූ සියලුම වාරණ ඉවත් කිරීමට පාකිස්තාන නව අගමැති ඉම්රාන් ඛන් පියවර ගෙන ඇතැයි එරට ජනමාධ්‍ය ඇමැති ෆවාද් හුසේන් චෞද්‍රි පවසා ඇත.

පාකිස්තාන නව ජනමාධ්‍ය ඇමැති ලෙස හුසේන් චෞද්‍රි මෙසේ කියා සිටියේ ට්විටර් පණිවුඩයක් හරහාය.
පාකිස්තාන ජාතික රූපවාහිනිය ‘පී.ටීවී.වී’, ජාතික ගුවන් විදුලි නාලිකාව පමණක් නොව, රජයේ පුවත්පත්වලට පවා මින් ඉදිරියට නිදහසේ පුවත් සහ කතුවැකි පළ කිරීමට අවසර ලැබෙනවා යැයි චෞද්‍රි පවසා තිබේ.

‘අගමැති ඉම්රාන් ඛාන්ගේ සහ ඔහුගේ තරීක් ඊ ඉන්සාෆ් හෙවත් පී.ටී.අයි. පක්ෂයේ ප්‍රතිපත්ති අනුව සම්පූර්ණ මාධ්‍ය නිදහස හිමිවෙනවා. ඉදිරි මාස තුන ඇතුළත ප්‍රවෘත්ති අමත්‍යංශයේ වෙනස්කම් රැසක් සිදු කරන්න අගමැති ඉම්රාන් ඛාන් බලාපොරොත්තු වෙනවා’ යැයි ජනමාධ්‍ය ඇමැති ෆවාද් හුසේන් චෞද්‍රි වැඩි දුරටත් පවසා ඇතැයි පාකිස්තාන පුවත් සේවා වාර්තා කර ඇත.

පාකිස්තාන අගමැති මන්දිරය ප්‍රතික්ෂේප කරමින්, නව අගමැති ඉම්රාන් ඛාන් එරට හමුදා ලේකම්වරයාගේ කාමර තුනක් සහිත නිවස අගමැති නිල නිවස ලෙස තෝරා ගෙන ඇත. ඒ, අනවශ්‍ය වියදම් කපා හැරීමේ අරමුණින්ය.

(රොයිටර්)


RECOMMEND POSTS