මයික් පෙන්ස් ගමන් කළ ගුවන් යානයට ඇබැද්දියක්



ඇමෙරිකා උප ජනාධිපති මයික් පෙන්ස් ගමන් කරමින් සිටි ගුවන් යානයක් හදිසියේ ගොඩබෑමට නියමුවන්ට සිදුවී ඇත. ඒ, යානයේ කුරුලු රංචුවක් ගැටීමෙනි.

කුරුලු රංචුව ගැටෙද්දී, යානය නිව් හැම්ෂයර් සිට වොෂින්ටන් අගනුවර බලා පියාසර කරමින් තිබුණු බවය. යානය හදිසි ගොඩබෑමට ලක් කළේ එහි ඇන්ජිමකට හානි සිදුවුණු බැවින් යැයි පසුව පැවැසිණි.

උප ජනාධිපති මයික් පෙන්ස් සහ කාර්ය මණ්ඩලය වෙනත් යානයකින් වොෂින්ටන් අගනුවරට රැගෙන ගිය බව ඇමෙරිකන් පුවත් සේවා පසුව වාර්තා කළේය.

වොෂින්ටනයේදීය (රොයිටර්)


RECOMMEND POSTS