මගී යාත්‍රාවක ගින්නක්. පුද්ගලයන් විසිතුනකට අධික ප්‍රමාණයක් මරුට





ඉන්දුනීසියාවට නුදුරු මුහුදේ ගමන් ගත් මගී යාත්‍රාවක ගින්නක් හට ගැනීම හේතුවෙන් පුද්ගලයන් විසිතුන් දෙනෙකුවත් මරුමුවට පත් වී ඇති බව එරට බලධාරීහු පවසති.

බලධාරීන් වැඩිදුරටත් කියා සිටියේ යාත්‍රාවේ ගමන් ගත් තවත් දාහත් දෙනෙකු අතුරුදහන් වී සිටින බවය.යාත්‍රාව මගීන් 230 දෙනෙකු රැගෙන ජකර්තා අගනුවරට සැතපුම් තිහක් පමණ දුරින් පිහිටි සංචාරක දූපතක් වෙත යාත්‍රා කරමින් සිටියදී අනතුර සිදු වී තිබේ.

වරායෙන් පිටත් වී සුළු වෙලාවකට පසු ගින්නට හසු වූ යාත්‍රාවේ සිටි මගීන් මුහුදට පැන ඇති බවත් වාර්තා වේ.

ඒ අතර සිටි 194 දෙනෙකුගේ දිවි බේරා ගෙන ඇති බව බලධාරියෙක් බීබීසී ඉන්දුනීසියා සේවයට පැවසීය.අනතුරින් තුවාල ලැබූ නව දෙනෙකු රෝහල්ගත කොට තිබේ.

 

( තිළිණි ද සිල්වා )
බී.බී.සී ඇසුරෙනි.....

 


RECOMMEND POSTS