මංගල ඡායාරූප අතරට ගිය ගිනි කන්ද



ඉන්දුනීසියාවේ ඇල්බේ පළාතේ ඇති ‘මායොන්’ ගිනි කන්ද පසුගිය දා සක්‍රීය වී පුපුරද්දී, එම දසුන් මංගල ඡායාරූප පෙළකට ද එක් කළ යුවලක් ගැන වාර්තා වේ.

දුම්වලා පිට කරමින්, ගිනිකන්ද පුපුරා යද්දී එය තමන්ගේ මංගල ඡායාරූප අතරට එක් කළේ ආර්ලෝ ඩෙලා කෲස් සහ නිසේරියෝ ඩෙලා කෘස් යුවලය. ඔවුන්ගේ මංගල ඡායාරූප ශිල්පියා යුවාන් සැන්ටියේගෝය.

යුවල පිටුපසින් ගිනි කන්ද සක්‍රීය වී පුපුරා යන එම සිත් ඇද ගන්නා දසුන් ඇතුළත් එම ඡායාරූප බි්‍රතාන්‍ය මේල් ඔන්ලයින් වෙබ් අඩවිය පළ කර තිබේ.

(ඬේලිමේල්)


RECOMMEND POSTS