බෝම්බ පාර්සල් ලැබිලා



ඇමෙරිකා හිටපු ජනාධිපති බැරැක් ඔබාමා සහ පසුගිය ජනපතිවරණයට ඉදිරිපත් වී පරාජයට පත්වුණු අපේක්ෂිකා හිලරි ක්ලින්ටන්ගේ නමට පුපුරන ද්‍රව්‍ය ඇටවූ පාර්සල් ලැබී ඇතැයි ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කරයි.

හිලරි ක්ලින්ටන්, ඔබාමා පරිපාලන සමයේ ඇමෙරිකන් රාජ්‍ය ලේකම්වරිය ලෙස ද කටයුතු කළාය. ඔබාමාට සහ හිලරි ක්ලින්ටන්ට පමණක් නොව, ඇමෙරිකා සී.එන්.එන්. පුවත් සේවයේ නිව්යෝක් කාර්යාලයට පවා බෝම්බ පාර්සල් ලැබී ඇති බව වාර්තා වේ.

පාර්සල් බෝම්බ ඔබාමා හෝ හිලරි ක්ලින්ටන් අතට පත් නොවුණු බවත් ආරක්ෂක අංශ කල් තියා ඒවා පරීක්ෂා කළ බැවින් ඒවායේ පුපුරණ ද්‍රව්‍ය අටවා ඇති බව දැනගත් බවත් විදෙස් පුවත් සේවා වැඩිදුරටත් වාර්තා කර ඇත.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS