බ්‍රසීලයේ කොරෝනා මිලියන 5 පසු කරයි



 

ලතින් ඇමෙරිකාවට අයත් බ්‍රසීලයේ කොරෝනා ආසාදිතයන් ගණන මේ වනවිට මිලියන 5 ඉක්මවාගොස් ඇති අතර, මරණ 1,50,000 පසු කර තිබේ.

බ්‍රසීල සෞඛ්‍ය බලධාරීන් අනතුරු අගවා ඇත්තේ, යළි කොරෝනා දෙවැනි රැල්ලක් හට ගැනීමේ දැඩි අවධානමක් පවතින බවත්, ජනතාව ඊට මුහුණ දිය යුතු බවත්ය. ගතවුණු පැය 24 ඇතුළත බ්‍රසීලයෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් ගණන 31,533 ක් බව බ්‍රසීල සෞඛ්‍ය අංශ පැවැසුවේය. ඒ අනුව බ්‍රසීලයේ සමස්ත ආසාදිතයන් වාර්තා වූයේ 5,000,694 ක් ලෙසිණි.

ලොව තෙවැනියට වැඩිම කොරෝනා ආසාදිතයන් වාර්තා වන්නේ බ්‍රසීලයෙන් වන නමුත් ලොව දෙවැනියට වැඩිම කොරෝනා මරණ වාර්තා වන්නේ බ්‍රසීලයෙනි.

තවමත් ලොව වැඩිම ආසාදිතයන් සහ මරණ වාර්තා වන්නේ ඇමෙරිකාවෙනි. ඉන්දියාව ලොව වැඩිම කොරෝනා ආසාදිතයන් වාර්තා වන දෙවැනි රට ලෙස සැලකෙයි.

බ්‍රසීලියාහිදීය (රොයිටර්)


RECOMMEND POSTS