බ්‍රසීල ජනපතිට දොස්



‘කෝවිඞ් 19’ වයිරසයට බිය විය යුතු නැති බවත් ලොක්ඩවුන් කිරීමක් අවශ්‍ය නොවන බවත්, ට්විටර් සමාජ මාධ්‍ය ඔස්සේ බ්‍රසීල ජනාධිපති ජාර් බොල්සරානෝ පවසා ඇති අතර, මෙය බ්‍රසීල වැසියන්ගේ දැඩි විරෝධයට හේතුවක් වී තිබේ.

බ්‍රසීල අගමැතිවරයාගේ මෙම ට්විටර් ප්‍රකාශ ට්විටර් ජාලය මගින් ඉවත් කරනු ලැබ ඇති බව ද විදෙස් පුවත් සේවා වාර්තා කර තිබේ. අන්ත දක්ෂිණාංශික ජනාධිපති බොල්සරානෝ, බ්‍රසීල මාධ්‍ය ආයතනවලට චෝදනා කරයි. ඒ, ජනතාව අනිසි ලෙස බිය ගන්වනවා යැයි පවසමිනි.

(රොයිටර්)


RECOMMEND POSTS