බලය බෙදා ගන්න සුඩාන හමුදාව කැමතියි



හමුදා කුමන්ත්‍රණයකින් බලය අල්ලා ගත් සුඩාන හමුදා පාලක මණ්ඩලය පවසා විපක්ෂ දේශපාලන කණ්ඩායම් සමඟ බලය බෙදා ගැනීමට එකඟත්වය පළ කර ඇත.

සුඩාන හමුදාව බලය එරට බලය අල්ලා ගත්තේ චෝදනා රැසක් මැද ජනපති ධුරය හෙබවූ ඔාමාර් අල් බෂිර් බලයෙන් ඉවත් කරමිනි. ඊට මුල් වූයේ සුඩාන විපක්ෂ දේශපාලන කණ්ඩායම් සහ රටේ ජනතාව එක් වී පැවැත්වූ විරෝධතාය.

හමුදා කුමන්ත්‍රණයෙන් පසු, හමුදා පාලක මණ්ඩලය කියා සිටියේ, වසරක් තමන් බලයේ රැඳී සිටීමට පියවර ගන්නා බවය. විපක්ෂ දේශපාලනකණ්ඩායම් ඊට විරුද්ධ විය. ගැටුම් නිර්මාණය වී රට තවත් අස්ථාවර වන්නට විය.

අප්‍රිකා සංගමය සුඩාන අර්බුදයට මැදිහත් වුණු අතර, විපක්ෂ දේශපාලන නියෝජිතයන් සහ හමුදා පාලක මණ්ඩලය අතර සාකච්ඡා පැවැත්විණි. බලය බෙදා ගැනීමට හමුදා නායකයන් කැමැත්ත පළ කළේ ඒ අනුවය.

හමුදා සහ සිවිල් දේශපාලන නියෝජිතයන් එක් වී පාලක මණ්ඩලයක් ස්ථාපිත කළ අතර, වසර තුනක් ඔවුන් සුඩානයේ බලයේ රැඳී සිටිනු ඇත. ඉන්පසු මහ මැතිවරණයක් සහ ජනාධිපතිවරණයක් පැවැත්වීමට ද එකඟත්වය පළ කෙරුණි.

කර්ටෝම්හිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS