පාරට බැස්ස වෙනිසියුලාවේ ජනතාව



වෙනිසියුලා  ජනාධිපති නිකොලොස් මදුරෝට එරෙහිව එරට ජනතාව පාරට බැස තිබේ.

වෙනිසියුලානු ජනපතිට එරෙහි මෙම ජනතාව එරට අගනුවර සහ තදාසන්න මාර්ග අවහිර කරමින් විරෝධතාවක නිරතවි තිබේ.

දහස් ගණනක් මෝටර් රථ සහ යතුරුපැදි මාර්ගයේ නවතා ඔවුන් එම විරෝධතාවයේ නිරතව සිටින බව වාර්තා වේ.වෙනිසියුලාවේ කැරකස් අගනුවර මාර්ග මේ හේතුවෙන් සම්පූර්ණයෙන් අවහිර වී තිබේ.

පොලීසිය විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් වාර්තා පවසයි.

මීට සති 06කට පමණ පෙර සිට විරෝධතාකරුවන් ජනාධිපතිවරයාට එරෙහිව විරෝධතාවයේ නිරතව සිටින අතර මේ වන විට පුද්ගලයන් 40 දෙනෙකු පමණ මියගොස් තිබේ.

තිළිණි ද සිල්වා
බී.බී.සී ඇසුරෙනි.


RECOMMEND POSTS