ප්‍රංශ පාර්ලිමේන්තු මැතිවරණය ඇරැඹේ



අදියර දෙකකින් සමන්විත ප්‍රංශ පාර්ලිමේන්තු මැතිවරණයේ පළමු අදියර  අද (11) ආරම්භ විය.

මෙම මැතිවරණයේ දී බහුතර බලයක් හිමිකර ගැනීමට ප්‍රංශ නව ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් සහ ඔහුගේ මධ්‍යගත පක්ෂයේ අපේක්ෂාව වී ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

ප්‍රංශ පාර්ලිමේන්තුව සාමාජිකයන් 557 දෙනකුගෙන් සමන්විතය. ප්‍රංශ පාර්ලිමේන්තු මැතිවරණයේ දෙවැනි සහ අවසන් අදියර ලබන ඉරිදා (18) වැනිදා පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු උදෑසන ආරම්භ වුණු අතර එය අවසන් වූයේ සවස 6 ටය. ඇතැම් ප්‍රාන්තවල රාත්‍රී 8 දක්වා ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු නිමාවට පත්වුණු බව ද වාර්තා විය.

ඒ.එෆ්.පී.


RECOMMEND POSTS