නීති ක්‍රියාත්මක කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයේ අනුමැතිය



ඇමෙරිකාවට පැමිණෙන සංක්‍රමණිකයන් වෙනුවෙන්, ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සැකැසූ නව සංක්‍රමණික නීති ක්‍රියාවට නැංවීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දී ඇත.

ක්‍රියාත්මක කෙරුණු මෙම නව නීතිරීති අනුව, ලතින් ඇමෙරිකා කලාපයේ රටවල වැසියන්ට ඇමෙරිකා මෙක්සිකෝ දේශසීමාවට පැමිණ, සංක්‍රමණිකයන් ලෙස ඇමෙරිකාවට ඇතුළුවීමට නොහැකිය.

ට්‍රම්ප් පරිපාලනය සකස් කළ මෙම නව සංක්‍රමණික නීතිය මීට පෙර පහළ අධිකරණ විසින් වැළැක්වීමට උත්සාහ ගනු ලැබ තිබුණේ යැයි ද වාර්තා වේ.

ලතින් ඇමෙරිකානු රටවලින් සහ මෙක්සිකෝවෙන් පැමිණෙන සංක්‍රමණිකයන් වැළැක්වීමේ අරමුණින් දේශසීමා ආරක්ෂාව තහවුරු කිරීමට ජනපති ට්‍රම්ප් පියවර ගෙන ඇත.

මේ වනවිට ඇමෙරිකා යුද දෙපාර්තමේන්තුව හෙවත් පෙන්ටගනයේ ඇමෙරිකන් ඩොලර් බිලියන 3.6 ක මුදලක් ඇමෙරිකා මෙක්සිකෝ දේශසීමා තාප්පය ඉදිකිරිමට යොදවා ඇති බව ද වාර්තා වේ.

ඇමෙරිකා මෙක්සිකෝ දේශසීමාවේ මෙම තාප්පය ඉදි කෙරෙන්නේ, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ ඡන්ද පොරොන්දුවකට අනුවය.

වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS