නගරසභා ඡන්දෙන් භාරතීය ජනතා පක්ෂයට ජය



ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ නගරසභා මැතිවරණයෙන්, ප්‍රාන්තයේ සිය ආධිපත්‍ය පතුරුවා සිටින භාරතීය ජනතා පක්ෂයට හිමිවූයේ විශිෂ්ට ජයකි.

භාරතීය ජනතා පක්ෂයට අභියෝගයක් වූයේ හිටපු මහ ඇමැතිවරියක වන මායාවතීගේ බහුජන සමාජ් පක්ෂයෙනි.

ලැබූ ජයග්‍රහණය ගැන තමා සතුටට පත්වන බවත්, තම ආධාරකරුවන් වෙනුවෙන් දිගටම කැපවී කටයුතු කරන බවත්

භාරතීය ජනතා පක්ෂය නියෝජනය කරන උත්තර ප්‍රදේශ් ප්‍රාන්ත මහ ඇමැති යෝගී ආධිත්‍යනාත් පවසා ඇත. ලැබූ ජයග්‍රහණය සම්බන්ධයෙන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි, මහ ඇමැතිවරයාට සුබ පැතූ බව ද වාර්තා වේ.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS