දෛනික ආසාදිතයන්ගේ අඩුවක්



ඉන්දියාවේ දෛනික කොරෝනා ආසාදිතයන්ගේ අඩුවක් පෙන්නුම් කරන බව එරට සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

 

ගතවුණු දින කීපය පුරාවට ඉන්දියාවෙන් ආසාදිතයන් 80,000 ත් 95,000 අතරේ වැඩි සංඛ්‍යාවක් වාර්තා වූ නමුත් ගතවුණු පැය 48 ඇතුළත ආසාදිතයන් වාර්තා වූයේ 50,000 සහ 55,000 ආදී වශයෙනි.

දෛනික ආසාදිතයන් මෙසේ අඩු වුවත්, ආසාදිතයන් සොයා දිනපතා සිදුකරන පීසීආර් පරීක්ෂණවල කිසිදු අඩුවක් කර නොමැති බව සෞඛ්‍ය අංශ පවසයි.

තවමත් ලොව දෙවැනියට වැඩිම කොරෝනා ආසාදිතයන් වාර්තා වන රට ඉන්දියාවය. ගතවුණු පැය 24 ඇතුළත ඉන්දියාවෙන් මරණ 706 ක් වාර්තා වීමත් සමග සමස්ත මරණ 9,856 තෙක් ඉහළ ගියේය.

නවදිල්ලියේදීය (රොයිටර්)


RECOMMEND POSTS