දිළිඳු රටවලට ප්‍රංශය එන්නත් දෙයි



එක්සත් ජාතීන්ගේ කොරෝනා එන්නත් බෙදා දීමේ 'කොවැක්ස්' වැඩසටහනට සම්බන්ධ වී, දිළිදු රටවලට එන්නත් ප්‍රදානය කිරීමට ප්‍රංශය තීරණය කර ඇත.

ප්‍රංශ රජය ඔවුන් විසින් මිලදී ගත් ප්‍රතිශක්තිකරණ එන්නත් මාත්‍රා ලක්ෂයක් මුරුෂානියාවට බෙදා දීම ඒ අනුව සිදුවිය.

මුරුෂානියා යනු අප්‍රිකාවට අයත් රාජ්‍යයකි. ධනවත් රටක්, දිළිදු රටකට එන්නත් ප්‍රදානයක් කළ පළමු අවස්ථාව මෙය ලෙස සැලකෙයි. මුරුෂානියාවට ප්‍රදානය කර ඇත්තේ 'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා' එන්නතය.

දිළිදු රටවලට එන්නත් ප්‍රදානය කිරීමට හැකිවීම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් සහ 'කොවැක්ස්' වැඩසටහනට සම්බන්ධ ප්‍රධානීන්ගෙන් ප්‍රංශ ජනාධිපතිවරයාටත් ප්‍රංශ රජයටත් ප්‍රසංශා හිමිවී ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

පැරිසියේදීය (රොයිටර්)


RECOMMEND POSTS