ත්‍රස්තවාදය ජර්මනියට ප්‍රශ්නයක් ! - ජර්මන් චාන්ස්ලර්වරිය කියයි.





ගල්ෆ් නිව්ස් ඇසුරෙනි.....

ජර්මනිය හමුවේ පවතින විශාලතම අභියෝගය 'ඉස්ලාමීය ත්‍රස්තවාදය' යැයි එරට චාන්සලර්වරිය ඇන්ගලා මර්කල් පවසයි.
2017 නව වසර වෙනුවෙන් ජාතිය අමතමින් ඇය ඒ බව කියා සිටියාය.

දේශපාලන රැකවරණය පතා ජර්මනියට පැමිණි ටියුනීසියානු ජාතිකයකු විසින් ට්‍රක් රථයක් යොදා ගනිමින් බර්ලිනයේදී එල්ල කරන ලද ප්‍රහාරය සම්බන්ධයෙන් ඇය එහිදී  අදහස් දැක්වූ අතර එලෙස ආරක්ෂාව පතා පැමිණෙන පුද්ගලයන් ත්‍රස්ත ක්‍රියාකාරකම්වල යෙදීම 'පිළිකුල් සහගත කරුණක්'  යැයිද ජර්මන්  චාන්සලර්වරිය කියා සිටියාය.

කෙසේ වෙතත් ජර්මානු ජනතාවගේ ආරක්ෂාව ඉහළ නැංවීම සඳහා හැකි උපරිමයෙන් කටයුතු කරන බවටත් ඇන්ගලා මර්කල් චාන්සලර්වරිය සිය අලුත් අවුරුදු පණිවුඩයෙන් ප්‍රතිඥා දී තිබේ.

පසුගියදා බර්ලිනයේ නත්තල් වෙළඳපොළකට එල්ල වූ ප්‍රහාරයෙන් පුද්ගලයන් දොළොස් දෙනෙකු මරුමුවට පත් විය

 

තිළිණි ද සිල්වා 


RECOMMEND POSTS