ටිලර්සන් මාරු කරන්න අදහසක් නෑ



ඇමෙරිකා රාජ්‍ය ලේකම් ධුරයේ කටයුතු කරන රෙක්ස් ටිලර්සන් ඉන් ඉවත් කිරීමේ කිසිදු අදහසක් තමාගේ නැතැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මාධ්‍ය හමුවේ අවධාරණය කළේය.

ටිලර්සන් රාජ්‍ය ලේකම් ධුරයෙන් ඉවත් කිරීමටත්, ඒ වෙනුවට එම ධුරයට සී.අයි.ඒ. බුද්ධි අංශ ප්‍රධානී මයික් පොම්පියෝ පත් කිරීමටත් ට්‍රම්ප් සූදානම් වෙනවා යැයි පසුගිය දිනවල රාවයක් පැතිරෙමින් තිබුණි.

‘රෙක්ස් කොහෙවත් යන්නේ නැහැ. ඔහු ඔහුට පැවැරිලා තියෙන රාජකාරි බොහොම හොඳින් කරනවා’ යැයි මාධ්‍යවේදීන් හමුවේ ට්‍රම්ප් වැඩි දුරටත් කියා සිටියේය. මේ බව ධවල මන්දිර මාධ්‍ය ප්‍රකාශිකා හෙදර් නුරේට් ද තහවුරු කර ඇති බව ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කරයි.

(රොයිටර්)


RECOMMEND POSTS