ට්‍රම්ප් වර්ගවාදියෙක්: මිෂෙල් ඔබාමා දෙහි කපයි



ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වර්ගවාදියකු යැයි ඇමෙරිකාවේ හිටපු ජනාධිපති බැරැක් ඔබාමාගේ බිරිඳ මි‌ෂෙල් ඔබාමා චෝදනා නගයි.

මි‌ෂෙල් ඔබාමා මෙසේ චෝදනා නැගුවේ වීඩියෝ පණිවුඩයක් නිකුත් කරමිණි. මිෂෙල් ඔබාමා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට දොස් නගා ඇත්තේ, කොරෝනා වයිරස ආසාදිතයකු වී, වෛද්‍ය උපදෙස් නොතකා යළි ධවල මන්දිරයට පැමිණීම සම්බන්ධයෙන් සහ ඇමෙරිකාවේ කළු ජාතිකයන්ට එරෙහිව සුදු අන්තවාදීන් උසි ගැන්වීම සම්බන්ධයෙනි.

ඇමෙරිකා ජනාධිපතිවරණය ලබන නොවැම්බර් 3 වැනිදා පැවැත්වෙයි. මිෂෙල් ඔබාමා සහ බැරැක් ඔබාමා නියෝජනය කරන්නේ ඩිමොක්‍රටික් පක්ෂය වන අතර, ජනපතිවරණයේ දී ඔවුන් දෙදෙනාගේ සහාය හිමිවන්නේ ට්‍රම්ප්ගේ ප්‍රතිවාදී අපේක්ෂකයා වන ජෝ බයිඩන්ටය. ජෝ බයිඩන් ඇමෙරිකාවේ උප ජනාධිපති ලෙස එම ධුරය හෙබවූයේ ඔබාමා ජනාධිපති ධුරය හොබවද්දීය.

වොෂින්ටනයේදීය (රොයිටර්)


RECOMMEND POSTS