ට්‍රම්ප් තුවාලකරුවන් බලන්න යයි



ෆ්ලොරීඩා උසස් පාසලේ වෙඩි තැබීමේ සිද්ධියෙන් තුවාල ලැබූ සිසු සිසුවියන්ගේ සුවදුක් බැලීමේ අරමුණ ඇතිව, ඇමෙරිකා ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ බිරිය මෙලිනියා බ්‍රොවර්ඞ් රෝහලේ සංචාරය කළහ.

ඇමෙරිකාවේ ගිනි අවි පාලනයට තමන් කුමක්ද කරන්නේ යැයි එහිදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කළත්, ට්‍රම්ප් ඊට පිළිතුරු නොදුන් බව පැවැසෙයි. ට්‍රම්ප් කියා සිටියේ ඇමෙරිකානු පාසල් දරු දැරියන් ගිනි අවි තර්ජනවලින් බේරා ගැනීමට තමන් කටයුතු කරනවා කියා පමණි.

තුවාලකරුවන්ගේ සුවදුක් විමසා බැලීමෙන් පසු, රෝහලේ වෛද්‍යවරුන්ටත්, කාර්ය මණ්ඩලයටත් ස්තුති කිරීමට ද ජනපතිවරයා කටයුතු කළේය.

(රොයිටර්)


RECOMMEND POSTS