ට්‍රම්ප් එපා ස්විට්සර්ලන්ත වැසියෝ වීදි බසිති



ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර පැවැත්වෙන ජගත් ආර්ථික සම්මේලනයට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ද සහභාගීවීමට නියමිත අතර, ස්විට්සර්ලන්ත වැසියන්ගෙන් ඊට විරෝධයක් එල්ල වී ඇත.

ට්‍රම්ප් සම්මේලනය අමතමින් විශේෂ දේශනයක් පැවැත්වීමට ද සූදානම් වෙයි. ‘ධනපතිවාදී ආකල්ප දරණ ට්‍රම්ප් එපා’ කියමින් විරෝධතා පැවැත් වූයේ ද සමුළුව පැවැත්වෙන ඩාවෝස් නුවරය.

ජගත් ආර්ථික සම්මේලනය සෑම වසරක් පාසාම පැවැත්වෙයි. සම්මන්ත්‍රණ සහ සාකච්ඡා මීට ඇතුළත් වෙයි. සම්මේලනය වෙනුවෙන් මෙවර ද විශේෂ ආරක්ෂාවක් යොදවා තිබුණු නමුත් කැරැලි මර්දන පොලිස් නිලධාරීන්ට ට්‍රම්ප් විරෝධීන් මර්දනය කිරීමට නොහැකි විය.

ඇමෙරිකා ජනපති ඔබාමා ස්විට්සර්ලන්තයට පැමිණීම වළක්වන්නැයි ස්විට්සර්ලන්ත රජයෙන් ඉල්ලමින් 17,000කට වැඩි පිරිසක් පෙත්සමකට ද අතසන් තබා ඇතැයි ද වාර්තා වේ.

(ඒ.එෆ්.පී)

 


RECOMMEND POSTS