ජීවත්වෙන්න සුදුසු ලොවක් හමුවෙලා



කවදා හෝ පෘථිවිවාසී අප වෙනත් ග්‍රහලොවක පදිංචියට යන්නේ නම්, ඊට සුදුසු ග්‍රහලොවක් සොයා ගැනීමට නාසා විද්‍යාඥයෝ පසුගිය දා සමත් වූහ.

මීට පෙර ද පෘථිවියට සමාන, ජීවය පැවැතීමට අවශ්‍ය සාධක ඇතැයි සැක කෙරෙන ග්‍රහලෝක රැසක් නාසා විසින් සොයා ගනු ලැබ තිබුණත්, පසුගියදා සොයාගත් මෙම ග්‍රහලෝකය සුවිශේෂී වෙයි. ඒ, ප්‍රමාණයෙන් එය හරියටම පෘථිවියට සමාන වීම නිසාය.

‘ටීඕඅයි 700 ඩී’ සහිත තාරකා මණ්ඩලය ඇත්තේ ආලෝක වර්ෂ 100 ක් දුරිනි. මෙතෙක් හමුවී ඇති පෘථිවියට සමාන ග්‍රහලෝක අතරින්, පෘථිවියට ළංව ඇත්තේ මේ ග්‍රහලොව යැයි පැවැසෙයි.

අභ්‍යවකාශයේ දුර මැනීම සිදු කරන්නේ ආලෝක වර්ෂවලිනි. ආලෝක වර්ෂ 100 ක දුරක් යෑමට පවතින තාක්ෂණය යොදා ගත්තොත් අපට වසර 3,00,000 ක් ගතවන බව නාසා විද්‍යාඥයෝ පෙන්වා දෙති.

‘ද සන්’ ඇසුරිනි


RECOMMEND POSTS