ජිහාඩ් සාමාජිකයෙකුට පුරවැසිභාවය අහිමිවේ



ජිහාඩ් ත්‍රස්ථ සාමාජිකයෙකු වන නීල් ප්‍රකාශ්ගේ ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය අහිමි කරනු ලැබ ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කලේ එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍ය පීටර් ඩට්න් නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කර ඇති බවයි.

නීල් ප්‍රකාශ් ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර උපත ලබා ඇති අතර ඔහු එරට ත්‍රස්ථ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාවට අවශ්‍ය කර සිටි පුද්ගලයෙකු බව වාර්තා වෙයි.

මේ වන විට නීල් ප්‍රකාශ් තුර්කියේ රැදී සිටින අතර ත්‍රස්ථ චෝදනා සම්බන්ධයෙන් ඔහු එරටින් ද පිටුවහල් කිරීමට  එරට අධිකරණයක් විසින් නියෝග කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි

( තිළිණි ද සිල්වා )

කලීජ් ටයිම්ස් ඇසුරෙනි.


RECOMMEND POSTS